Enjoy free shipping on orders on or above Rs.5,000! Delivery takes 2-5 working days within Sri Lanka.

හනකෝ කොළඹ ගිහින්

පොත් කියවීමේ නොනිත් ආශාවෙන් කොළඹ පොත් ප්‍රදර්ශනයේ එහා මෙහා තෙරපෙන දහසක් දෙනා අතරේ කිමොනාවෙන් සැරසුන ඒ සකුරාව දුටිමි. ඇය හනකෝය.

පිටු හාරසියයක් පුරා දිගහැරෙන අනුවේදනීය ප්‍රේම වෘත්තාන්තය ගොඩගේ ප්‍රදර්ශන කුටියේ වර්ණවත්ව දිලෙන එස් එල් සෙන්හෙධීර ගේ නොරිකෝ නව කථාවයි .පොතට සටහනක් තබන ජයන්ති සෙනෙහෙධීර පවසන පරිදි යෞවනයේ පසුවන ජපන් තරුණියකට පෙම් බැදි, ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ කතාවක්, “හනකො” නව කතාව සඳහා ඔහු මූලාශ්‍ර වී තිබේ .

අනුවේදනීය ලෙස ජීවිතයෙන් සමුගන්නා හනකෝ , උත්තරීතර මාතෘත්වය පිළිබඳ හැඟීමක් ජනිත කරන්නේ ඇස අග කඳුලක් රඳවමිනි..

සම්මානිත මහාචාර්ය කුලතිලක කුමරසිංහයන් පවසන පරිදි: ජපන් සමාජය පසුබිම් කරගත් මේ නවකතාවෙන් ජපන් ජනතාවගේ විවිධ සිරිත්විරිත් ,චර්‍යා ධර්ම හා බැදුණු සංස්කෘතිය , ජපන් සම්ප්‍රදාය,මානව ධර්මතා හා ඉපැරැණි සම්ප්‍රදාය , සුහදත්වය , ළෙන්ගතුකම හා සෙනෙහස මෙන්ම බැදීම් පිළිබඳවත් ,සිව් ඉර්තෘ හා බැදුණු ස්වභාව සුන්දරත්වයේ රමණීයත්වය විචිත්‍රත්වය හා අසිරිමත් බව පිළිබඳව ආකර්ෂණීය සුහදශීලි හැගීම් කෙබදුද යනු මේ නවකතාව පඨනය කරන රසිකයනට උකහා ගත හැකිය . ජීවන සුන්දරත්වය හා චමත්කාරය මෙන්ම ජීවන ගම්භීරත්වයද ප්‍රකට කරන අගනා පඨිතයක් ලෙස හදුන්වා දිය හැකිය.
ගොඩගේ පොත් කුටියේදී ඔබට හනකෝ මුණගැසුනොත් මේ ගීතය ගැනත් ඇගෙන් අහන්න අමතක කරන්න එපා.
,ගංගාව ගල ගලා කොහෙ කොහේ යන්නේද ?
මිනිස්වග ගල ගලා කොහෙ කොහේ යන්නේද ?
පැමිණෙනා නිමේෂෙක ඒ ගැලුම් නිම්තෙරට
මලක් මෙන් – මලක් මෙන් හිතයි මට පුබුදන්න
වැළපෙන්න… හිනැහෙන්න
කවදාක හෝ ඉතින්…කවදාක හෝ ඉතින්
ඉඩ දෙන්න

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Picture of Joehar

Joehar

Lorem ipsum dolor sit amet consectetur adipiscing elit dolor

All Posts

Latest Post

Read free books in Jakarta

Lorem ipsum dolor sit amet consectetur adipiscing elit dolor