Enjoy free shipping on orders on or above Rs.5,000! Delivery takes 2-5 working days within Sri Lanka.

ජේම්ස් බොන්ඩ්ට උපත් දුන් – ඉයන් ෆ්ලෙමින්

ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් බලන විට අපගේ ඇස් ඇද ගන්නේ වෙඩි තැබීම්, වේගවත් මෝටර් රථ, කැසිනෝ, රහස් උපකරණ සහ ලෝකය බේරාගන්නා 007 ය.

James Bondව නිර්මාණය කළ මිනිසා කවුද?

ඒ මිනිසා Ian Flemingය.

ඔහුගේ ජීවිතය හොඳින් බැලූ විට, Bondගේ කතා අහසින් වැටුණු fantasy නොවන බව පෙනේ.

ඒවා Flemingගේ ජීවිතයේ කැඩුණු කැබලි එකට අලවා සෑදූ විශාල මොසෙයික් චිත්‍රයකි .

Ian Lancaster Fleming උපන්නේ 1908දී ලන්ඩනයේ ධනවත් හා බලවත් පවුලකටය.

ඔහුගේ පියා Valentine Fleming පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අතර පළමු ලෝක යුද්ධයේදී මිය ගියේය.

ඒ මරණය Flemingගේ ළමා ජීවිතයට දැඩි බලපෑමක් කළේය .

පවුලේ ගෞරවය, අභිමානය රට වෙනුවෙන් අවදානමට මුහුණදීම—මේ අදහස් ඔහුට තදීන්ම බලපෑවේය .

ඒවා පසුව Bondගේ ලෝකයටත් ඇතුළු විය.

James Bondට “duty” හෙවත් රාජකාරිය යනු රැකියාව පමණක් නොව ජීවිතය හා බඳුණු වගකීමකි .

Fleming Eton පාසලට ගියේය.එය රටේ රාජකීයන්ගේ පාසැල විය , බ්‍රිතාන්‍ය ඉහළ පන්තියේ ප්‍රභූ පිරිමි සමාජයේ සංකේතයකි .

නමුත් Fleming පරිපූර්ණ ආදර්ශමත් සිසුවෙකු නොවීය.

ඔහුට ක්‍රීඩා, කාන්තාවන්, සමාජ ජීවිතය සහ විලාසිතා පිළිබඳ උනන්දුව දැඩි විය වැඩිය.

“මමත් විශේෂ මිනිසෙක් බව පෙන්වන්නේ කෙසේද?” නිතර ඔහුගේ සිත් තුල එහා මෙහා වූ සිතුවිල්ලක් විය .

Bond චරිතය තුළ මේ අභිලාෂයේ සෙවනැල්ල වැටී තිබේ.

Bond සෑම කාමරයකටම ඇතුළු වන්නේ තම වටිනාකම ඔප්පු කළ යුතු මිනිසෙකු මෙන්ය.

යුරෝපය ඔහුට ලෝකය විවෘත කළේය

Fleming පසුව Austria සහ Germany ඇතුළු යුරෝපීය රටවල කාලය ගත කළේය.

ඔහු භාෂා ඉගෙන ගත්තේය.

විදේශ සංස්කෘති දැක්කේය.

හෝටල්, දුම්රිය, කඳුකර ප්‍රදේශ, කාෆේ, දේශසීමා—මේ සියල්ල පසුව Bond නව කතා වලට ඇතුළු විය.

Bond කතා ලෝකයේ බොහෝ නගර කරා විහිදී යන්නේ එලෙසින්ය .

Flemingට වෙනත් රටක් යනු “ යනු සිතියමේ තිතක් නොව, සුවඳක්, ආහාර, මත්පැන් , මිනිසුන්ගේ හැසිරීමක්, හෝටල් ලොබියක් , දුම්රිය වේදිකාවක් සහ කාන්තාවක් විය .

Fleming රොයිටර් පුවත් සේවාවේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේය.

එහිදී ඔහු වේගයෙන් තොරතුරු එකතු කිරීම, කෙටියෙන් ලිවීම, නිවැරදි විස්තර තෝරාගැනීම සහ සිදුවීමක හැඩරුව මධ්‍යය වටහා ගන්නා ආකාරය ඉගෙන ගත්තේය

මේ හැදෑරීම Bond චරිතය ගොඩ නැගීමේදී වැදගත් විය.

Fleming දිගු දාර්ශනික විස්තරවලට වඩා “දැන් මෙය සිදුවේ—ඊළඟට මෙය” යන්න වේගයෙන් ලියයි.

Reuters සමඟ Moscow ගිය අත්දැකීමද ඔහුටසෝවියට් ලෝකය පිළිබඳ ප්‍රථම අත්දැකීමක් ලබා දුන්නේය.

පසුව From Russia with Love වැනි කෘතිවලට මෙය ඉතා හොඳ මනෝවිද්‍යාත්මක පසුබිමක් විය.

යුද්ධය  Flemingව වෙනස් කළේය.

 

දෙවන ලෝක යුද්ධය ආරම්භ විය.

මෙය Flemingගේ ජීවිතයේ වැදගත්ම මග ලකුණයි .

ඔහු බ්‍රිතන්‍ය නාවික හමුදාවේ බුද්ධි සේවයට එක් විය.

Admiral John Godfreyගේ සහායකයා ලෙස ඔහු ඉතා රහසිගත තොරතුරු, යුද්ධ සැලසුම්,සහ විදේශ බුද්ධි ජාල සමඟ වැඩ කළේය.

Fleming තුවක්කුව අතට ගෙන දිනපතා සතුරන් මරා දැමූ Bond වර්ගයේ සටන් කරුවෙක් නොවීය.

නමුත් ඔහුට ඔත්තු කරුවන්ගේ චර්යාවන් පිළිබඳව මනා දැනුමක් විය. ඔවුන්ට අවශ්‍ය තොරතුරු මොනවාද, රහස් මෙහෙයුමක් කෙසේ සැලසුම් කරන්නේද, අසත්‍ය තොරතුරු පතුරුවා සතුරා පරාජය කිරීමට කොතෙක් උපකරිවේද යන්න ඔහු අත්දකීමන් පසක් කර ගත්තේය .

Bondගේ ලෝකය පසුව පෝෂණය වූයේ එතැනින්ය .

Fleming රහස් සැලසුම් සම්පාදනයේ දක්ෂයෙක් විය සමඟ සම්බන්ධ වේ.

සතුරාට වැරදි තොරතුරු ලබාදීම , ව්‍යාජ ලිපි ලේඛන නිර්මාණය කොට සතුරා අතට පත් කිරීම යුද්ධයේ වැදගත් කොටසක් විය.

මෙවැනි මෙහෙයුම් අතර ජීවත් වූ Flemingට “අසම්භාව්‍ය කතාවක්” සහ “සැබෑ රහස් මෙහෙයුමක්” අතර සීමාව කොතරම් සිහින්ද යන්න වැටහී තිබුණි.

Bond novelවල සතුරන්ගේ සැලසුම් සමහර විට අතිශය විශාල මායාවක් සේ පෙනුනත් ඒවා මුළුමනින්ම සිනමාත්මක මායාවන් නොවේ .එයින් සමහරක් සත්‍යට ඉතා සමීපය .

Fleming යුද්ධ සමයේ 30 Assault Unit ලෙස හැඳින්වුණු විශේෂ ඒකකයක් පිහිටුවීමට ද දායක විය.

මෙම කණ්ඩායමේ කාර්යය වූයේ ඉදිරි පෙළට ගොස් සතුරාගේ ලේඛන,සංකේත සටහන් ,බුද්ධි තොරතුරු සහ විද්‍යාත්මක තොරතුරු අත්පත් කර

මෙය Bondට ඉතා සමීප ලෝකයකි.

තොරතුරක් ලබා ගැනීම සඳහා ජීවිතය අවදානමට දැමීමට ඔත්තු කරුවන්ට සිදුවිය.

Fleming මේ අනුව යමින් ලෝකය බේරාගන්නා තනි ඒජන්තයෙක් ලෙස Bond නිර්මාණය කළේය .

Ian Fleming Bondට තමන් කැමති බොහෝ දේ දුන්නේය.

හොඳ ආහාර.

විශේෂ මත්පැන්.

වේගවත් මෝටර් රථ.

කැසිනෝ.

ගොල්ෆ්.

ගමන් බිමන්.

කාන්තාවන්.

අනතුර.

නමුත් Bondට Flemingට නොතිබූනු දේවල්ද ලබා දුන්නේය.

දැවැන්ත ශරීර ශක්තිය ඒ අතර මුල් තැනක් ගනී .

මරණයට පවා නිර්භයව මුහුණ දීමේ හැකියාව.

දැඩි පීඩනයක් යටතේ වුවත් නිවැරදිව කලබලයකින් තොරව මුහුණ දීමේ හැකියාව .මේ සියල්ල තමන්ගේ අත්දැකීම් හා මුසු කරගනිමින් වීරයෙක් නිර්මාණය විය

යුද්ධයෙන් පසු Fleming ජැමෙයිකාවට ගියේය .

එහි Oracabessa ප්‍රදේශයේ ඔහු නිවසක් ගොඩනැගීය.

එයට ඔහු “GoldenEye” යන නම දුන්නේය.

GoldenEye කියන නමටත් intelligence background එකක් තිබුණි.

Fleming එහි සෑම වසරකම ශීත කාලයේ එහි වාසය කළේය .

මුහුද අසල නිවස.

කවුළුවෙන් නිල් ජලය.

උණුසුම් වාතය.

මේසය.

Typewriter එක.

එහිදී ඔහු උදෑසන ලියයි.

පසුව පිහිනයි.

ආහාර ගනී.

සවස සංස්කරණය කරයි.

ඒ රිද්මයෙන් Bond novel ගණනාවක් එක දිගට බිහිවිය .

ඔහු දැඩි ලෙස දුම් පානය කළේය.

නිතර මත්පැන් පානය කළේය.

ඔහුගේ සෞඛ්‍යය පිරිහෙමින් තිබුණි.

ඔහුගේ පෞද්ගලික සබඳතාද සරල නොවීය.

ආදරය, විවාහය, අවිශ්වාසය, සැකය සහ දුරස්ථ බව ඔහුගේ ජීවිතයේ තිබුණි.

1960 දශකයේ James Bondගේ ජනප්‍රියත්වයට විශාල තල්ලුවක් ලැබුණේ අමෙරිකානු ජනාධිපති John F. Kennedy ගේ ප්‍රකාශයක් සමගිනි.

Kennedy තම ප්‍රියතම පොත් අතර From Russia with Love සඳහන් කිරීම Bondගේ ඇමරිකානු ප්‍රතිරූපය විශාල කළේය.

1962දී Dr. No චිත්‍රපටය නිකුත් විය.

Sean Connery Bond ලෙස ලෝකයට හඳුන්වා දුන්නේය.ඒ සමඟම නවකතාවේ වීරයා තරය මත සජීවී විය

ඔහු 1964 අගෝස්තු 12දා, වයස 56දී, හෘදයාබාධයකින් මිය ගියේය.

ඔහුගේ මරණයෙන් පසු Bond තවදුරටත් ජීවත් විය.

නව නළු නිළියන් පැමිණියහ.

නව චිත්‍රපට.

නව සතුරන්.

නව කාර්.

නව තාක්ෂණය.

නමුත් මූලික DNA එක තවමත් Flemingගේය.

Bond Flemingට වඩා දිගු ජීවිතයක් ගත කළේය

මෙය මට Bond කතාවේ වඩාත්ම සිත්ගන්නා අවසානයයි.

Ian Fleming මිය ගියේ 56දී.

නමුත් James Bond තවමත් මිය ගොස් නැත.

ඔහු පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙයි.

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *