Enjoy free shipping on orders on or above Rs.5,000! Delivery takes 2-5 working days within Sri Lanka.

O. Henry – කෙටි කතා කලාවේ හැඩ ගැස්ම

කෙටි කතාවක් කියන්නේ ජීවිතය සම්පූර්ණයෙන්ම කියන එකක් නොවේ.එක නව කතාවට වෙනස්

එය ජීවිතයේ එක් මොහොතක් අල්ලාගන්නවා.ඊට‍ පස්සේ ඊට අදාලව කතන්දරේ දිග හැරෙනවා

බස් නැවතුමක විනාඩි පහක්.

දුප්පත් කාමරයක රාත්‍රියක්.

හදිසියේ ලැබෙන ලිපියක්.

ආදරය වෙනුවෙන් කරන කුඩා කැපවීමක්.

මරණය බලා සිටින රෝගියෙකුගේ ජනේලයෙන් පෙනෙන අවසාන කොළයක්.

මේ කුඩා සිදුවීම් අතට ගෙන, ඒවා මිනිස් ජීවිතයේ විශාල සත්‍යයක් බවට පත් කළ ලේඛකයන් අතර O. Henryට හිමිවන්නේ විශේෂ තැනක් .

අදත් ඔහුගේ නම ඇසූ විට පාඨකයාට මතක් වෙන්නේ එක දෙයක්.

අවසානයේ සිදුවන අනපේක්ෂිත පෙරළිය.

නමුත් O. Henryගේ විශිෂ්ටත්වය අනපේක්ෂිත අවසානයකට සීමා කළොත් අපි ඔහුගෙන් අඩක් පමණයි දකින්නෙ.

ඔහු සැබෑවටම කළේ දෛනික ජීවිතයේ කුඩා සිදුවීමකට කථාවක් බවට පත්වීමේ බලය ලබා දීමයි.

O. Henry කවුද?

O. Henry යනු සාහිත්‍ය නාමයකි.

ඔහුගේ සැබෑ නම William Sydney Porter.

ඔහු 1862දී ඇමරිකාවේ North Carolina ප්‍රාන්තයේ Greensboro නගරයේ උපන්නා.

ඔහුගේ ජීවිතය පිළිවෙලකට ගෙවුනු එකක් නෙවේ .

ඔහු ඖෂධ ශාලාවක වැඩ කළා.

ගොවිපළක වැඩ කළා.

බැංකුවක රැකියාව කළා.

පුවත්පතකට ලිව්වා.

චිත්‍ර ඇන්දා .

මිනිසුන් නිරීක්ෂණය කළා.

පසුව ඔහුගේ ජීවිතයට විශාල අර්බුදයක් ඇතිවුණා .

බැංකු මුදල් සම්බන්ධ වංචා චෝදනාවකට ඔහු මුහුණ දුන්නා. Honduras වෙත පලා ගිය කාලයක්ද තිබුණා. අසනීප වූ බිරිඳ වෙත ආපසු පැමිණි පසු නඩු විභාගයට මුහුණ දී, අවසානයේ සිරගත වුණා.

සිරගෙදර සිටියදීත් ඔහු කතා ලියා පළ කළා.

ඒ කාලයේදී O. Henry යන නම භාවිතයට පැමිණි බව සැලකේ.

පසුව New York නගරයට ගිය ඔහු එහි වීදි, කුඩා හෝටල්, කඩ සාප්පු, කාර්යාල, නිවාස, දුප්පත් කාමර සහ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත තම කතා ලෝකය බවට පත් කළා.

ඔහුගේ විශාලම සොයාගැනීම — “සාමාන්‍ය මිනිසා” කතාවේ වීරයා විය හැකියි යන්නයි

O. Henryගේ කතා තුළ අපට නිතරම හමුවන්නේ රජවරුන් හෝ මහා වීරයන් නොවේ.

අපට හමුවන්නේ:

දුප්පත් යුවළක්.

කුඩා කාමරයක ජීවත් වන තරුණියක්.

වීදි සොරෙක්.

පොලිස් නිලධාරියෙක්.

රැකියාවක් සොයන මිනිසෙක්.

චිත්‍ර ශිල්පියෙක්.

අමුත්තෙක්.

කඩකාරයෙක්.

කම්කරුවෙක්.

එනම්, අප වටා දිනපතා පසුකර යන මිනිසුන්ය.

ඔහුගේ විශාල දක්ෂතාව වූයේ මේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත තුළ තිබෙන අසාමාන්‍ය මනුෂ්‍යත්වය සොයා ගැනීමයි.

“Slice of Life” — ජීවිතයෙන් කපාගත් කුඩා කැබැල්ල

O. Henryගේ කතා තේරුම් ගැනීමට “slice of life” යන අදහස ඉතා වැදගත්.

සිංහලෙන් එය සරලව කියනවා නම්,

“ජීවිතයෙන් කපාගත් කුඩා පෙත්තක් ”.

නවකතාවක් පුද්ගලයෙකුගේ අවුරුදු ගණනක ජීවිතය විස්තර කළ හැකියි.

නමුත් කෙටි කතාවකට එතරම් ඉඩක් නැහැ.

ඒ නිසා O. Henry බොහෝ විට තෝරාගන්නේ තීරණාත්මක මොහොතක්.

ඒ කුඩා මොහොත තුළම චරිතයේ සම්පූර්ණ මනුෂ්‍යත්වය පෙන්වන්න ඔහු සමත් වෙනවා.

The Gift of the Magi — කුඩා කාමරයක විශාල ආදරයක්

O. Henryගේ වඩාත් ජනප්‍රිය කතාවක් තමයි The Gift of the Magi.

Della සහ Jim දුප්පත් තරුණ යුවළක්.

නත්තල් දිනය ළඟයි.

Dellaට Jimට හොඳ තෑග්ගක් දෙන්න අවශ්‍යයි.

නමුත් ඇයට මුදල් නැහැ.

ඇයට තිබෙන වටිනාම දෙය ඇගේ දිගු ලස්සන හිසකෙස්.

ඇය එය විකුණනවා.

එම මුදලින් Jimගේ අගනා ඔරලෝසුවට දාන්න chain එකක් මිලදී ගන්නවා.

Jim ගෙදර එනවා.

ඔහුගේ තෑග්ග?

Dellaගේ දිගු හිසකෙස් සඳහා මිලදීගත් අලංකාර පනා .

නමුත් Jim ඒ පනා මිලදීගැනීමට තම ඔරලෝසුව විකුණලා.

මේ තමයි O. Henryගේ අනපේක්ෂිත අවසානය .

නමුත් කතාවේ වැදගත්ම දෙය අවසානය පමණක් නොවේ නොවේ.

අපි අවසානයේ දැනගන්නේ දෙදෙනාම තමන්ට වටිනාම දෙය අනිත් කෙනා වෙනුවෙන් අහිමි කරගෙන ඇති බවයි.

එබැවින් කතාවේ සැබෑ අරුත :

ඔවුන් දුප්පත් වුණත්, ආදරයෙන් අතිශය ධනවත් බවයි.

The Last Leaf — ජනේලයෙන් පෙනෙන කොළයක් ජීවිතයක් බේරාගත් හැටි

The Last Leaf කියන්නේ තවත් විශිෂ්ට උදාහරණයක්.

තරුණ චිත්‍ර ශිල්පිනියක් අසනීපව සිටිනවා.

ඇය ජනේලයෙන් පිටත ivy වැලක කොළ එකින් එක වැටෙන හැටි බලනවා.

ඇය තීරණය කරනවා:

අවසාන කොළය වැටුණු දවසේ තමන් මිය යනවා.

වැසි සහ සුළඟ එනවා.

කොළ වැටෙනවා.

නමුත් එක කොළයක් ඉතිරි වෙනවා.

ඊළඟ දවසේත් එය තිබෙනවා.

තවත් දවසකත් තිබෙනවා.

ඇය ජීවත්වීමට කැමති වෙන්න පටන් ගන්නවා.

පසුව අපි දැනගන්නේ එය සැබෑ කොළයක් නොවන බවයි.

වැඩිහිටි චිත්‍ර ශිල්පියෙකු වූ Behrman, කුණාටු රාත්‍රියේ බිත්තිය මත කොළය ඇඳලා.

ඒ සඳහා ඔහු තම ජීවිතය පවා අවදානමට ලක් කර් ගන්නවා .

මෙහිත් O. Henryගේ අවසානය අන්පේක්ෂිතයි .

නමුත් ඊට වඩා වැදගත් වන්නේ :

මිනිසෙකුට තවත් මිනිසෙකුගේ බලාපොරොත්තුව බවට පත්විය හැකි බවයි.

 

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *