එළියේ වැස්ස.
පාසල් මිදුලේ සෙල්ලම් කරන්න බැහැ. ජනේල වීදුරුව දිගේ වැහි බිංදු පහළට දුවනවා. පන්තියේ ගුරුතුමිය පොත් කිහිපයක් මේසය මත තැබුවා.
“අද අපිට එළියට යන්න බැහැ. ඒ නිසා පොතක් තෝරාගමු.”
මේසය මත ළමා සාහිත්‍යයේ ප්‍රසිද්ධ නම් කිහිපයක් තිබුණා.
Roald Dahl.
Jacqueline Wilson.
Enid Blyton.
J. K. Rowling.
ඒ අතර තවත් නමක්.
David Walliams.
“කවුද David Walliamsගේ පොතක් කියවන්න කැමති?”
අත් කිහිපයක් එකවර ඉහළට ගියා.
ඇයි?
ළමයෙකුට ලෝකයේ විශිෂ්ට ළමා කතුවරුන් අතරින් තෝරාගැනීමට අවස්ථාවක් දුන්නොත්, David Walliams වෙත ඔවුන්ගේ ඇස් යන්නේ ඇයි?
ඒ ප්‍රශ්නයට පිළිතුර ඔහුගේ පොත් විවෘත කළ විට හමුවෙනවා.
Gangsta Granny පටන් ගන්නේ ඉතා සාමාන්‍ය ළමා අත්දැකීමකින්.
Benට සිකුරාදා රෑ අච්චචි ගේ ( Granny)ගේ ගෙදර යන්න වෙනවා.
ඔහුට ඒ ගමන එපා වෙලා.
Grannyගේ කෑමත් බොහෝවිට ගෝවා. ඇයත් බෝරින් හරිම කම්මැලියි . ඇගේ ගෙදරත් බෝරින්.
දෙන්නම එකතු වෙලා වෙනසක් කරගන්න හිතනවා
ආච්චි රහසක් හෙළිදරව් කරනවා
ඇය කලින් ජාත්‍යන්තර මට්ටමේ ආභරණ හෙරක් !
ඊටත් වඩා පුදුමය — Granny සහ Ben එකතුවෙලා රජ මාලිගාවේ අභරණ හොරකම් කරන්න සැලැස්මක් හදනවා.
Gangsta Granny හුදෙක් විහිළු සහ ත්‍රාසජනක සිදුවීම් ගැන කියන කථාවක් විතරක් නොවේ. එහි යටින් දිවෙන කතාව වන්නේ ආච්චි සහ මුනුපුරා අතර ගොඩනැගෙන සම්බන්ධය ගැනයි.
Ben මුලදී ඇයව “බෝරින්” කියලා දකිනවා.කම්මැලි දවසක් .එත් සියල්ල වෙනස් වෙනවා.
Gangsta Granny 2011දී ප්‍රකාශයට පත් වූ අතර Tony Rossගේ රූපසටහන් සමඟ එය Walliamsගේ වඩාත්ම ප්‍රසිද්ධ කෘති අතරට පැමිණියා.
පාරේ සිටින මිනිසාටත් කතාවක් තිබෙනවා
ඊළඟට Mr Stink.
නමත් ළමයෙකුට හිනාවෙන්න ප්‍රමාණවත්.
Mr Stink කියන්නේ දුර්ගන්ධයක් ඇති, වීදියේ ජීවත් වන මිනිසෙක්.
බොහෝ මිනිසුන් ඔහුව දැකලා අහක බලනවා.
නමුත් Chloe නම් දියණිය ඔහු සමඟ කතා කරනවා.
එතැන Walliams කරන දෙයක් වැදගත්.
ළමයා මුලින් සිනහ කරවන චරිතය, ටිකෙන් ටික අපට අනුකම්පා කළ හැකි මනුෂ්‍යයෙකු බවට පත් වෙනවා.
Mr Stink කියන්නේ “දුර්ගන්ධයක් ඇති විහිළු චරිතයක්” පමණක් නොවන බව අපට වැටහෙනවා.
ඔහුට අතීතයක් තියෙනවා.
දුකක් තියෙනවා.
ගෞරවයක් තියෙනවා.
2009දී නිකුත් වූ Mr Stink, Walliamsගේ මුල්ම සාර්ථක ළමා නවකතා අතරින් එකක්. ඔහුගේ පළමු ළමා නවකතාව වූ The Boy in the Dress නිකුත් වුණේ 2008දී.
ලෝකයේ හැමදේම මිලදී ගන්න පුළුවන්. යාළුවෙක් මිලදී ගන්න පුළුවන්ද?
Billionaire Boy හි Joe Spudගේ තාත්තා අතිශය ධනවත්.
Joeට සල්ලි තියෙනවා.
ඕනෑම සෙල්ලම් බඩුවක් ගන්න පුළුවන්.
ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
නමුත් ඔහුට සැබෑ මිතුරෙක් නැහැ.
Walliams මෙතැන ළමයෙකුට දාර්ශනික දේශනයක් දෙන්නේ නැහැ.
ඔහු විහිළු කතාවක් කියනවා.
ඒ විහිළු අතරින් කුඩා ප්‍රශ්නයක් අප ඉදිරියේ තබනවා .
සල්ලි තිබුණාට සතුට තිබෙනවාද?
ළමා සාහිත්‍යයේ හොඳම කතා කරන දෙයක් මෙයයි.
ළමයාට “මෙහෙම හිතන්න” කියලා කෙළින්ම කියන්නේ නැහැ.
ළමයාට කතාවක් දීලා හිතන්න ඉඩ දෙනවා.
Dentist කෙනෙක් ගැන පොතක් බය හිතෙන එක අහම්බයක්ද?
ඊළඟට Demon Dentist.
දත් දොස්තර ළමයි අතර සාමාන්‍යයෙන් ජනප්‍රිය චරිතයක් නොවේ.
Walliams ඒ බිය අල්ලගෙන එය අතිශයෝක්තියට ගෙන යනවා.
දත් වැටුණාම pillow එක යට තැබූ දත වෙනුවට අමුතු, බියජනක දේවල් හමුවෙන්න පටන් ගන්නවා.
මොකක්ද වෙන්නේ?
කවුද ඒවා තියන්නේ?
ඊළඟ පිටුවේ මොකක් වෙයිද?
මෙන්න Walliamsගේ ප්‍රධාන රහස.
ඔහු ළමයාට ඊළඟ පිටුව පෙරළන්න හේතුවක් දෙනවා.
David Walliamsගේ කතා මතකයේ රැඳෙන්නේ ඇයි?
ළමා පොතක සාර්ථකත්වය “හොඳ කතාවක්” තිබීමෙන් පමණක් තීරණය වෙන්නේ නැහැ.
ළමයා පොත තැබූ පසුත් චරිතය මතක තිබිය යුතුයි.
Gangsta Granny.
Mr Stink.
Billionaire Boy.
Demon Dentist.
Ratburger.
Awful Auntie.
නම් බලන්න.
ඒවාම කුඩා දැන්වීම් වගේ.
“Granny” කියලා පමණක් නොව Gangsta Granny.
“Dentist” කියලා පමණක් නොව Demon Dentist.
“Auntie” නොව Awful Auntie.
Walliams සාමාන්‍ය ලෝකයේ චරිතයක් අරගෙන එයට අසාමාන්‍ය ලක්ෂණයක් එකතු කරනවා.
සාමාන්‍ය + අසාමාන්‍ය = මතකයේ රැඳෙන චරිතය.
ඒ නිසා ළමයෙක් පොත් සාප්පුවක පොත් දහස් ගණනක් අතරින්වත් මේ නම් හඳුනාගන්නවා.
සිනහවට යටින් තියෙන්නේ තනිකම
Walliamsගේ ජනප්‍රිය කතා ගණනාවකම එක පොදු රේඛාවක් තියෙනවා.
තනිකම.
Benට Grannyව තේරෙන්නේ නැහැ.
Joeට සල්ලි තිබුණත් සැබෑ යාළුවෙක් නැහැ.
Chloeට Mr Stink තුළ අනෙක් අයට නොපෙනෙන මනුෂ්‍යයා පේනවා.
The Boy in the Dress හි Dennis තමන් කවුද සහ තමන්ට කැමති දේවල් පිළිබඳ සමාජයේ අපේක්ෂාවන් සමඟ ගැටෙනවා.
ඒ නිසා Walliamsගේ ලෝකය හිනාවෙන් පිරුණත්, ඒ හිනාවට යටින් බොහෝවිට කුඩා වේදනාවක් තියෙනවා.
ළමයි ඒක හඳුනාගන්නවා.
සමහරවිට වැඩිහිටියන්ට වඩා ඉක්මනින්.
ඔහු Roald Dahlගේ අනුප්රාප්තිකයෙක්ද?
David Walliams ගැන කතා කරන විට Roald Dahlගේ නම නැවත නැවත මතු වෙනවා.
හේතුව පැහැදිලියි.
අතිශයෝක්තියෙන් නිර්මාණය කළ වැඩිහිටි චරිත.
ටිකක් අඳුරු විහිළු.
ළමයාගේ පැත්තෙන් ලෝකය බැලීම.
නපුරු වැඩිහිටියන්.
අසාමාන්‍ය නම්.
අවසානයේ යම් හෘදයාංගම මොහොතක්.
ඒත් Walliams Dahlගේ පිටපතක් නොවේ.
ඔහුගේ කතා වඩාත් නවීන බ්‍රිතාන්‍ය පවුල්, රූපවාහිනිය, celebrity culture, පාසල් ජීවිතය සහ consumer culture වැනි දේවල් ඇතුළට ගන්නවා.
Tony Rossගේ චිත්‍රත් මේ පොත්වල මතකයේ රැඳීමේ විශාල කොටසක්. කතාවේ වේගයට ගැළපෙන විහිළු සහ අතිශයෝක්ති රූප, දිගු පාඨ කොටස් බියකරු දෙයක් ලෙස නොපෙනෙන්න උදව් කරනවා.
David Edward Williams 1971 අගෝස්තු 20 දි
කවුද මේ David Walliams?
න එංගලන්තයේ උපන් කෙනෙක්. පසුව ඔහු තම වෘත්තීය නාමය David Walliams ලෙස භාවිත කළා. University of Bristolහි අධ්‍යාපනය ලැබූ ඔහු මුලින් ප්‍රසිද්ධ වුණේ නළුවෙකු සහ විකට ශිල්පියෙකු ලෙසයි. Little Britain සහ Come Fly with Me වැනි රූපවාහිනී වැඩසටහන් ඔහුට විශාල ජනප්‍රියත්වයක් ගෙන දුන්නා. පසුව ඔහු Britain’s Got Talent හි විනිසුරුවරයෙකු ලෙසත් දිගු කාලයක් පෙනී සිටියා.
2008දී The Boy in the Dress සමඟ ළමා සාහිත්‍යයට ඇතුළු වූ ඔහු ඉතා ඉක්මනින් බ්‍රිතාන්‍යයේ විශාලතම commercial children’s authors අතරට පැමිණියා. ඔහුගේ ළමා පොත් ලොව පුරා කෝටි ගණනින් අලෙවි වී තිබෙන අතර බොහෝ භාෂාවලට පරිවර්තනය වී තිබෙනවා.
ඔහුගේ කෘති කිහිපයක් රූපවාහිනියට සහ වේදිකාවටත් අනුවර්තනය වී තිබෙනවා.
Walliamsගේ පොත් විශාල වාණිජ සාර්ථකත්වයක් ලැබුවත් ඒවා විවේචනයටත් ලක් වී තිබෙනවා. විශේෂයෙන් ඇතැම් චරිත නිරූපණයන් classism, fat-shaming සහ stereotypes භාවිත කරන බවට විවේචකයන් චෝදනා කර තිබෙනවා.
එසේම 2025 අවසානයේ HarperCollins UK ඔහුගේ අනාගත නව කෘති තවදුරටත් ප්‍රකාශයට පත් නොකරන බව තීරණය කළ අතර, එය සේවාස්ථාන හැසිරීම සම්බන්ධයෙන් වාර්තා වූ චෝදනා පසුබිමක සිදු වුණා. Walliams එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම නව පසුබිම නිසා අද David Walliams ගැන කතා කිරීමේදී කෘතියේ ජනප්‍රියත්වය සහ කතුවරයා වටා ඇති විවාද දෙකම මතක තබාගැනීම සාධාරණයි.
නමුත් අපි නැවත ඒ වැසි දවසට යමු
ගුරුතුමිය මේසය උඩ පොත් තබලා තියෙනවා.
ළමයෙක් Gangsta Granny අතට ගන්නවා.
තවත් කෙනෙක් Demon Dentist.
“ඇයි ඒක ගත්තේ?” කියලා ඇහුවොත් ඔහු literary theory එකක් කියන්නේ නැහැ.
සමහරවිට ඔහු කියයි:
“මේක funny.”
නැත්නම්,
“Granny කෙනෙක් gangster වෙන්නේ කොහොමද කියලා බලන්න ඕන.”
එච්චරයි.
නමුත් ළමා සාහිත්‍යයේ විශාල රහසත් ඒකමයි.
පළමුව ළමයාට පොත අතට ගන්න හේතුවක් දෙන්න.
ඊළඟට පළමු පිටුව කියවන්න හේතුවක් දෙන්න.
ඊළඟට තවත් පිටුවක් පෙරළන්න හේතුවක් දෙන්න.
අන්තිමට පොත වහන විට,
Gangsta Granny කෙනෙක්,
Mr Stink කෙනෙක්,
තනිකමෙන් සිටින Billionaire Boy කෙනෙක්
ඔහුගේ මතකයේ ඉතිරි වෙලා නම්—
කතුවරයා තම වැඩේ කරලා ඉවරයි.
එළියේ වැස්ස තවමත් වැටෙනවා.
නමුත් පන්තියේ ළමයි දැන් එතැන නැහැ.
එක්කෙනෙක් Granny සමඟ Crown Jewels හොරකම් කරන්න ගිහින්.
තවත් කෙනෙක් Demon Dentistගෙන් බේරෙන්න දුවනවා.
හොඳ ළමා පොතක් වැස්ස නතර කරන මැජික් එකක් නොවේ.එත් වැස්ස නිසා තමන්ට සෙල්ලම් කරන්න නොලැබුන එක අමතක කරවන්න පුළුවන් නම් ඒක හොඳ පොතක් .






