Enjoy free shipping on orders on or above Rs.5,000! Delivery takes 2-5 working days within Sri Lanka.

ජුලියා ඩොනල්ඩ්සන් – තමන් මැවූ චරිත අතරේ

එදා තමන් මැවූ ජුලියා ඩොනල්ඩ්සන් එන බව ඇයගේ පොත් වල චරිත වලට ආරංචි වුනේ පුස්තකාලයේ සේවකයින් අතරේ ඇතිවුනු කතාබහට හොර රහසේ සවන් දීමෙන් .

හදිසියේම පොත් රාක්කයක් සෙමින් ඇරුණා. මුලින්ම එළියට ආවේ ග්‍රෆලෝ. ඔහු වටපිට බැලුවා. ඊට පස්සේ Stick Man, Zog, The Snail and the Whale, Room on the Broom හි මායාකාරිය, Tabby McTat… එකිනෙකා පොත්වලින් පැන එළියට ආවා.

“අපි හැමෝමටම අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි ” ග්‍රෆලෝ කිව්වා.

“අපිව මැව්වේ කොහොමද?”

ඒ මොහොතේ දොර ඇරුණා. සිනහවකින් පිරුණු, වර්ණවත් ඇඳුමකින් සැරසුණු කාන්තාවක් ඇතුළට ආවා.

ඇය තමයි ජූලියා ඩොනල්ඩ්සන්.

චරිත වට කරගෙන ඇය වාඩි වුණා.

“මම ඔබව නිර්මාණය කළේ පෑනකින් නෙවෙයි,” ඇය හිනා වෙලා කිව්වා. “මම මුලින්ම ඇහුවේ වචනවල සංගීතය.”

“සංගීතය?” ස්නේල් පුදුම වුණා.

“ඔව්. කතාවක් ලියන්න කලින් මට ඇහෙන්නේ රිද්මයක්. ඒ රිද්මය පිටු අතර දිවගෙන යනවා. ඊට පස්සේ චරිත තමන්ම කතා කරන්න පටන් ගන්නවා.”

“එතකොට මගේ දත්?” ග්‍රෆලෝ ඇහුවා.

“ඒවා ගැන ළමයි හිනාවෙයි කියලා මම දැනගෙන හිටියා.”

“මගේ මකරා?” Zog ඇහුවා.

“ඔයා වැරදි කරන නිසා ළමයි ඔයාට ආදරෙයි. හැම වීරයෙක්ම මුලින්ම අසාර්ථක වෙනවා.”

“මම පොල්ලක්ද? මනුස්සයෙක්ද?” Stick Man විමසුවා.

“ඒක ඔයාටම හිත ගන්න පුළුවන් ”

“මම මුහුදේ ඉතාම කුඩා ගොළුබෙල්ලෙක්,” ස්නේල් කිව්වා.

“හැබැයි ලෝකය දකින්න ලොකු හීනයක් තිබුණා.”

චරිත එකින් එක ප්‍රශ්න ඇහුවා.

ජූලියාට උත්තර දීලා හරිම මහන්සියි .

අන්තිමේදී පුංචි ළමයෙක් ඇවිත් ඇහුවා.

“ඔයා මේ තරම් ලස්සන කතා ලියන්නේ ඇයි?”

ජූලියා හිනාවුනා

ජූලියා ඩොනල්ඩ්සන් කවුද?

ජූලියා ඩොනල්ඩ්සන් (Julia Donaldson) යනු අද ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ළමා කතා රචිකාවන් අතරින් කෙනෙකි. 1948 දී එංගලන්තයේ ලන්ඩනයේ උපත ලැබූ ඇය මුලින් ගීත හා නාට්‍ය රචනා කළාය. පසුව ළමා කතා ලිවීමට යොමු වූ ඇය රිද්මය, කවිය, හාස්‍යය සහ මතකයේ රැඳෙන චරිත එකට බැඳ නව පරපුරක් කියවීමේ ලෝකයට කැඳවාගෙන ගියාය.

ඇගේ කෘති මිලියන ගණනින් අලෙවි වී ඇති අතර භාෂා සියයකට වැඩි සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත. The Gruffalo, Room on the Broom, Stick Man, The Snail and the Whale, Zog වැනි කෘති අද ලොව පුරා ළමා සාහිත්‍යයේ නව සම්භාව්‍ය කෘති ලෙස සැලකේ.

ජූලියා ඩොනල්ඩ්සන්ගේ සැබෑ විශේෂත්වය ඇත්තේ ඇය දරුවන්ට කතාවක් කියා දීම පමණක් නොව, පොතක් අතට ගන්නා පළමු ආදරය ඔවුන්ගේ හදවත තුළ ඇති කිරීමයි. ඒ නිසාම ලොව පුරා ගුරුවරුන්, පුස්තකාලයන් සහ දෙමාපියන් ඇයව සලකන්නේ ළමයින් කියවීමේ ලෝකයට අතින් අල්ලාගෙන යන මාර්ගෝපදේශිකාවක් ලෙසයි.

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *