Enjoy free shipping on orders on or above Rs.5,000! Delivery takes 2-5 working days within Sri Lanka.

ජේම්ස් පැටර්සන් මගේ මිතුරා අතුරුදහන් කළාද ?

දින කිහිපයක් තිස්සේ මගේ අඹ යහළුවා වන කපිලගෙන් කිසිම ආරංචියක් නැත. දුරකථනයට පිළිතුරු නැත. වට්ස්ඇප් පණිවිඩ කියවා නොමැත. මුලින් සිතුවේ ඔහු ගමනක් ගොස් ඇති බවය. නමුත් අහම්බෙන් කතාකළ ලහිරු කීවේ වෙනස් කථාවකි ..

“කපිලයා හොඳටම පොත්වල ගිලිලා ඉන්නේ.”

මම කපිලගේ ගෙදරට ගියෙමි.

දොර ඇරියේ කපිලමය . නමුත් ඉදිරියේ සිටියේ වෙනදා හුරු මිතුරා නොවේ. දින කිහිපයක් නිදා නොගත්, ලෝකය අමතක කළ, රහස් පරීක්ෂකයෙකු වැනි කෙනෙක් කපල වෙතින් දිස්විය .සාලයේ මේසය උඩ පොත් ගොඩකි. හිස් කෝපි කෝප්ප කිහිපයකි.

“මොකද වෙලා තියෙන්නේ?” මම ඇසුවෙමි.

ඔහු සිනාසුණේය.

“ජේම්ස් පැටර්සන්.”

එය පිළිතුරක් නොව ප්‍රහේලිකාවකි,..

ඔහු පොතක් අතට ගත්තේය. “මේක කියවන්න පටන් ගත්තේ සති දෙකකට කලින්. දැන් නවත්තන්න බැහැ.”

ඒ මොහොතේ මට ජේම්ස් පැටර්සන් ගැන වැඩිය දැනුමක් නොතිබුණි. නමුත් ලොව වැඩියෙන්ම කියවෙන නවකතාකරුවන් අතර ඔහු ඉහළින්ම සිටී. ඔහුගේ පොත් කෝටි ගණනින් අලෙවි වී ඇති බව දන ගත්තේ පසුවය..

“ඇයි මෙච්චර ජනප්‍රිය?” මම ඇසුවෙමි.

මිතුරා පොතේ පිටුවක් පෙරළමින් පිළිතුරු දුන්නේය.

“පැටර්සන්ට පාඨකයා අල්ලගන්න පුළුවන්.”

ඒ රහස සරල ය.

පැටර්සන්ගේ පරිච්ඡේද කෙටිය. බොහෝ විට පිටු දෙකක් හෝ තුනකි. ඔබ සිතන්නේ තව එකක් පමණයි කියාය. නමුත් ඒ පරිච්ඡේදය අවසන් වන්නේ ප්‍රශ්නයකිනි, අභිරහසකිනි, හෝ ඔබ අපේක්ෂා නොකළ හැරවුමකිනි.

එවිට ඔබ තව පිටුවක් පෙරළයි .

ඉන්පසු තව එකක්.

රාත්‍රිය කෙලෙස ගෙවෙන්නේදැයි නොදැනේ.

ඔහු විශේෂයෙන් ආදරය කළේ Alex Cross කතා මාලාවටය. ඇලෙක්ස් ක්‍රොස් වොෂින්ටන් නගරයේ රහස් පරීක්ෂකයෙකු සහ මනෝවිද්‍යාඥයෙකි. ඔහු මිනීමරුවන් සොයා යන්නේ වෙඩි බලයෙන් නොව, ඔවුන්ගේ මනස තේරුම් ගැනීමෙනි.

“ඔයාට මිනීමරුවා අල්ලන්න ඕන නම්, මිනීමරුවා වගේ හිතන්න ඕන.”

කපිලගෙන් පොතක් ණයට ඉල්ලා ගතිමි ..
ගෙදර ගොස් පළමු පරිච්ඡේදය ආරම්භ කළෙමි.
දුරකථනයට පිළිතුරු නොදුන් බව කපිලට ට දොස් පැවරූ මමම, ඒ රාත්‍රියේ දුරකථනය නිහඬ කර, ලෝකය අමතක කර, පොතේ ගිලී සිටියෙමි.

සමහර ලේඛකයන් හොඳ කතා කියයි.
සමහරු විශිෂ්ට චරිත නිර්මාණය කරති.
ජේම්ස් පැටර්සන් ඊටත් වඩා දෙයක් කරයි.
ඔහු ඔබව කතාව ඇතුළට ඇද දමයි. අවසන් පිටුව තෙක් එළියට යන්නට ඉඩ නොදෙයි.

 

 

 

 

 

 

 

 

ජේම්ස් පැටර්සන්ගේ පොත් මිලදී ගන්න.

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *