එය ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ගතකළ ශිෂ්‍ය ජීවිතයේ අවසාන රාත්‍රියයි.
හෙට උදෑසන වන විට අපි මේ ගාම්භීර විශ්ව විද්‍යාලයේ ආගන්තුකයින් බවට පත්වෙන්ය් ඇත . ලෝකයේ විවිධ දෙසින් සුළඟ සේ පැමිණි අප සුළඟ සේම විසිරී යනු ඇත .
ශිෂ්‍ය සංගමයේ සභාපති පැමිණ සිටියේ ඉරානයෙනි- මෙයිදී අල් හසන් .
“අපේ කණ්ඩායම රටවල් හැටකට ආසන්න සංඛ්‍යාවකින් පැමිණි සිසුන්ගෙන් සමන්විතයි,” ඔහු කියා සිටියේ උද්දාමයෙනි .
ඒ මොහොතේ අපගේ ප්‍රධාන කාර්යය විය යුතුව තිබුණේ එකිනෙකාට සමුදීමයි. ඡායාරූප ගැනීමයි. මතකයන් හුවමාරු කර ගැනීමයි.
නමුත් එය එසේ සිදු නොවීය.
අපගේ සමුගැනීමේ සාදය ඉතා ඉක්මනින් විවාදයකට හැරුණි.විවාදයට මුල් වුනේ අසල වූ රූපවාහිනියක ප්‍රචාර වූ මිල
පුවතකි . පිහියා ඇනුමක් සිදුව තිබින
.
ඒ විවාදයේ කේන්ද්‍රයේ සිටියේ පිහියා ඇනුමට ලක්වූ පුද්ගලයාය .
ඔහුගේ සල්මන් රුෂ්ඩිය .
කාමරය පුරාම එකිනෙකට වෙනස් අදහස් ඇසුණි.
“ඔහු නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ සංකේතයක්.”
“නැහැ, ඔහු අන් අයගේ ආගමික විශ්වාසයන්ට අනවශ්‍ය ලෙස අභියෝග කළ කෙනෙක්.”
“ලේඛකයෙකුට සීමා තිබිය යුතුද?”
“අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සීමා තිබිය යුතුද?”
එක්වරම අපගේ සමුගැනීම් පසු පෙළට තල්ලු විය .
විවාදය පෙරමුණට පැමිණියේය.
අදත් මට මතක ඇත්තේ සමුගැනීම්වලට වඩා ඒ විවාදයයි.
සමහර විට සල්මන් රුෂ්ඩිටද එය ඇසීමට ලැබුණා නම් ඔහු එය රසවිඳින්නට ඉඩ තිබුණි.
සල්මන් රුෂ්ඩි කවුද?
සල්මන් රුෂ්ඩි 1947 දී ඉන්දියාවේ මුම්බායි නගරයේ උපත ලැබූ ලේඛකයෙකි. පසුව ඔහු බ්‍රිතාන්‍යයට ගොස් අධ්‍යාපනය ලැබීය.
ඔහු ලෝක සාහිත්‍යයේ ප්‍රමුඛතම නවකතාකරුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ.
ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ කෘති අතර:
Midnight’s Children (1981)
Shame (1983)
The Satanic Verses (1988)
The Moor’s Last Sigh
The Ground Beneath Her Feet
Victory City
ඇතුළත් වේ.
විශේෂයෙන් Midnight’s Children නවකතාව බ්‍රිතාන්‍යයේ බුකර් ත්‍යාගය දිනාගත් අතර විසිවන සියවසේ වැදගත්ම ඉංග්‍රීසි නවකතා අතරින් එකක් ලෙස සැලකේ.
ඇයි ඔහු මෙතරම් විවාදයට ලක් වුණේ?
1988 දී පළ වූ The Satanic Verses නවකතාව විශාල ආගමික හා දේශපාලනික මතභේද ඇති කළේය.
ලෝකයේ බොහෝ මුස්ලිම්වරුන් එම කෘතිය තම ආගමට අපහාසයක් ලෙස සැලකූහ.
1989 දී ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා රුහොල්ලා කොමෙයිනි රුෂ්ඩි මරා දැමිය යුතු බවට ෆත්වාවක් නිකුත් කළේය.
එතැන් සිට වසර ගණනාවක් ඔහු ආරක්ෂාව යටතේ ජීවත් විය.
පිහියෙන් ඇනීම
2022 දී ඇමරිකාවේ දේශනයක් සඳහා සහභාගී වූ අවස්ථාවකදී රුෂ්ඩිට වේදිකාව මතදීම ප්‍රහාරයක් එල්ල විය.
ඔහුට බරපතළ තුවාල සිදු වූ අතර එක් ඇසක පෙනීමද අහිමි විය.
නමුත් ඔහු ලිවීම නතර කළේ නැත.
පසුව ඔහු එම අත්දැකීම පිළිබඳ Knife නමින් මතක සටහන් කෘතියක්ද ලියා පළ කළේය.
ඇයි ඔහු තවමත් වැදගත්?
සල්මන් රුෂ්ඩි ගැන කෙනෙකු එකඟ විය හැකිය.
එසේම එකඟ නොවිය හැකිය.
නමුත් ඔහු මතු කරන ප්‍රශ්න මඟහැර යා නොහැකිය.
ලේඛකයෙකුට කොපමණ දුරක් යා හැකිද?
ආගම, සංස්කෘතිය සහ සාහිත්‍යය අතර සීමා කොතැනද?
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ අන් අයගේ සංවේදීතාව අතර සමතුලිතතාව සොයා ගන්නේ කෙසේද?
එදින රාත්‍රියේ අපි සමුගැනීම් වලට විරාමයක් දී මේ ප්‍රශ්න ගැන කතා කළෙමු.
අද වසර ගණනාවකට පසුවත් මට මතක ඇත්තේ කවුද කාට සමුදුන්නද යන්න නොවේ.
මට මතක ඇත්තේ කාමරය මැද නොසිටියත් එහි සිටි මිනිසාය.
සල්මන් රුෂ්ඩිය.






