Enjoy free shipping on orders on or above Rs.5,000! Delivery takes 2-5 working days within Sri Lanka.

පාවුලෝ කොයෙලෝ  සමඟ පැයක් …

පොත් සාප්පුවේ  රාක්ක අතර ඇවිදිමින් මම පාවුලෝ කොයෙලෝගේ The Alchemist පොත අතට ගත්තා. එය වසා නැවත තැබීමට යන විට, හදිසියේම රාක්කය ඇතුළෙන් කෙනෙකු පිටතට පැන්නා.

ඔහු සිනාසුණා.

“මම පාවුලෝ කොයෙලෝ.”

මම මොහොතකට නිහඬ වුණා. ලෝකයේ වැඩියෙන්ම කියවන ලේඛකයන්ගෙන් කෙනෙකු මගේ ඉදිරියේ සිටගෙන සිටියා.

1947 දී බ්‍රසීලයේ උපන් පාවුලෝ කොයෙලෝ, ලොව පුරා මිලියන 300කට අධික පොත් අලෙවි කර ඇති අතර, භාෂා 80කට වඩා පරිවර්තනය වූ ලේඛකයෙකි. ඔහුගේ The Alchemist නවකතාව  නූතන ලෝක සාහිත්‍යයේ වැඩියෙන්ම කියවූ කෘති අතරට එක්ව තිබේ. සරල වචනවලින් ගැඹුරු ජීවිත සත්‍ය කීම ඔහුගේ  කලාව වෙලා තිබුන එකට මම ආදරය කළා

මට තිබුණේ පැයක් පමණයි.

“ඔබ ලියන්නේ කතාවක්ද,  එහෙමත් නැත්නම් දර්ශනයක්ද?”

ඔහු සිනාසුණා.

“කතාවක්. නමුත් හොඳ කතාවක් තුළ දර්ශනය සැඟවී තිබෙනවා.”

මම ඊළඟ ප්‍රශ්නය ඇසුවා.

“ඔබගේ පොත්වල සරල භාෂාව බොහෝ විවේචනයට ලක්වෙනවා. ඇයි එතරම් සරලව ලියන්නේ?”

“ජීවිතය සංකීර්ණයි. ඒ නිසා භාෂාවත්  සංකීර්ණ කරගන්න ඕනේ නැහැ නේද ?

මම The Alchemist ගැන ඇසුවා.

“සන්තියාගෝ ඇත්තටම අපි හැමෝමද?”

ඔහු මදක් නිහඬ වුණා.

“ඔව්. අපි හැමෝම අපේම නිධානයක් සොයන මිනිස්සු. සමහරු එය සොයා ගන්නවා. සමහරු සෙවීමම නතර කරනවා.”

“ඔබගේ සියලුම පොත් එක් වාක්‍යයකින් සාරංශ කරනවා නම් ?”

“ඔබ ඔබේ හදවතට ඇහුම්කන් දෙන්න. එය ඔබ යා යුතු මාර්ගය බොහෝ කලකට පෙර සිටම දන්නවා.”

ඒ සමඟම ඔහු නැවතත් පොත් රාක්කය වෙත ගියා.

මම ඇස් පිස දැම්මා.

රාක්කයේ තිබුණේ එකම පොතයි.

The Alchemist

Paulo Coelho යනු ලොව පුරා පාඨකයන්ගේ හදවත් දිනාගත් බ්‍රසීලියානු ලේඛකයෙකි. ඔහුගේ ලේඛනවල මධ්‍යයේ ඇත්තේ මනුෂ්‍යයාගේ සිහිනය, ගමන, අර්ථය සහ ආත්ම සොයායෑමයි.

ඔහුගේ අමරණීය කෘතිය වන The Alchemist, තම පෞද්ගලික පුරාවෘත්තය සොයා යන එඬේරෙකුගේ සරල කතාවක් ලෙස ආරම්භ වී, ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත වෙනස් කළ ආධ්‍යාත්මික ගමනක් බවට පත්විය. එය නවකතාවක් පමණක් නොව, තම සිහින පසුපස යෑමට, ලෝකයේ සංඥා කියවීමට සහ හදවතේ හඬ විශ්වාස කිරීමට කරන ආරාධනයකි.

ඔබත් ඔබේ ජීවිතයේ සැඟවුණු නිධානය සොයමින් සිටිනවා නම්, The Alchemist ඔබට කියවීමට පමණක් නොව, ඔබ සමඟ ගමන් කරන පොතක් වනු ඇත.

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *