අපි බොහෝ දෙනා අන්තර්ජාල වංචාව ගැන සිතන්නේ බැංකු ගිණුම් හැක් කිරීමක්, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු සොරකම් කිරීමක් හෝ ව්‍යාජ වෙබ් අඩවි ඔස්සේ සිදුවෙන හොරකම් ලෙසිනි .
ලෝකයේ දැවැන්ත විශාලතම අන්තර්ජාල වංචා බොහෝ විට ආරම්භ වන්නේ එක් වාක්‍යයකිනි.
“ඔබේ සිනහව හරිම ලස්සනයි.”
එතැන් සිට ආරම්භ වන්නේ ආදර කතාවක් නොව, මනෝවිද්‍යාත්මකව සැලසුම් කළ වංචාවකි.
කාර්ලෝස් බරාගාන්ගේ The Yahoo Boys දිග හැරෙන්නේ පොලිස් විමර්ශනයක් ලෙස නොවේ. එය ලෝකය පුරා බිලියන ගණනක් උපයන අන්තර්ජාල ආදර වංචාවල මිනිස් හැසිරීම් වල කැඩපතයි .
“Yahoo Boys” යනු කවුද?
නයිජීරියාවේ “Yahoo Boys” යන නාමයෙන් හැඳින්වෙන්නේ අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ වංචා සිදු කරන තරුණයන්ගේ උප සංස්කෘතියකටයි.
“Yahoo” යන නාමය පවා බිහිවූයේ මුල් කාලයේ Yahoo! ඊමේල් ගිණුම් භාවිත කරමින් සිදු කළ වංචා නිසාය.
ඔවුන්ගේ සැබෑ ආයුධය විශ්වාසයයි
කාර්ලෝස් බරාගාන් පෙන්වා දෙන්නේ , Yahoo Boysලාගේ ප්‍රධාන ආයුධය පරිගණකය නොව මිනිස් මනස පිළිබඳ අවබෝධයයි.
ඔවුන් කිසි විටෙකත් මුල් දිනයේ මුදල් ඉල්ලන්නේ නැත.
ඔවුන් දින ගණන්, සති ගණන්, සමහර විට මාස ගණන් පුරා ඔබ සමඟ කතා කරති.
ඔබේ උපන් දිනය මතක තබා ගනිති.
ඔබේ දරුවන් ගැන අසති.
ඔබේ තනිකම හඳුනා ගනිති.
ඔබ ඔවුන්ව විශ්වාස කරන තෙක් ඔවුන් බලා සිටිති.
මුදල් ඉල්ලන විට ඔබ මුදල් යවන්නේ අමුත්තෙකුට නොවේ.
ඔබ ආදරය කරන කෙනෙකුට යැයි ඔබ සිතන පුද්ගලයාටයි.
එබැවින් මෙය මුදල් සොරකමක් පමණක් නොවේ.
මෙය හැඟීම් සොරකම් කිරීමකි.
ඇයි ඔවුන් මේ මාර්ගය තෝරාගන්නේ?
බරාගාන් වංචාකරුවන් නිදහස් කිරීමට උත්සාහ නොකරයි.
නමුත් ඔවුන් බිහි වූ සමාජය තේරුම් ගැනීමට උත්සාහ කරයි.
රැකියා හිඟය.
අසමානත්වය.
ඉක්මනින් සාර්ථක විය යුතු යැයි පෙන්වන සමාජ පීඩනය.
සමාජ මාධ්‍ය මත දිස්වන සුඛෝපභෝගී ජීවිත.
මෙවැනි පසුබිමක සමහරුන්ට අන්තර්ජාල වංචාව රැකියාවක් ලෙස පෙනෙන්නට පටන් ගනී.
මෙය කිසිසේත්ම අපරාධයට සාධාරණීකරණයක් නොවේ.
නමුත් එය අපරාධය නිර්මාණය කරන සමාජ පරිසරය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.
ශ්‍රී ලංකාවට මෙහි ඇති වැදගත්කම
මෙය හුදු අප්‍රිකානු කතාවක් නොවේ .
ශ්‍රී ලංකාවේ Yahoo Boys
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ද නයිජීරියානු ජාතිකයන් සහ ඔවුන් සමඟ සම්බන්ධ වූ පුද්ගලයන් අන්තර්ජාල වංචා, ආදර වංචා සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවස්ථා වාර්තා වී ඇත.
ශ්‍රී ලාංකික කාන්තාවන් රැසක් වංචාකාරී නයිජීරියනුවන් ගේ සුන්දර ඇමතුම් හමාර කළේ වංචාවල ගොදුරු බවට පත්වීමෙන් අනතුරුවය. .
සෑම “Hello” එකක්ම වංචාවක් නොවේ.
නමුත් සෑම වංචාවක්ම ආරම්භ වන්නේ “Hello” එකකින්ය.
කෘත්‍රිම බුද්ධියෙන් පසු මේ අවදානම තවත් වැඩිවී ඇත
මෙම පොත අද කියවිය යුත්තේ තවත් හේතුවක් නිසාය.
කෘත්‍රිම බුද්ධිය (AI) නිසා වංචාකරුවන්ට දැන් ඡායාරූප සෑදිය හැකිය.
වීඩියෝ නිර්මාණය කළ හැකිය.
හඬ අනුකරණය කළ හැකිය.
ඇත්ත පුද්ගලයෙකු මෙන් පෙනෙන සම්පූර්ණ අනන්‍යතාවයක් ගොඩනැගිය හැකිය.
ඒ නිසා අනාගතයේ වංචාව තාක්ෂණය ගැන පමණක් නොවේ.
එය මිනිස් විශ්වාසය කළමනාකරණය කිරීමේ කලාව ගැනයි.
අපි සාමාන්‍යයෙන් සිතන්නේ අන්තර්ජාල වංචාව තාක්ෂණික ගැටලුවක් බවයි.
බරාගාන් පෙන්වන්නේ එය එසේ නොවන බවයි.
මෙය මිනිස් හැඟීම් පිළිබඳ ගැටලුවකි.
තනිකම.
ආදරය ලැබීමේ ආශාව.
අයිතිකාරකමක් සෙවීම.
බලාපොරොත්තුව.
මේ සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත් වූ විට, වංචාව යනු පරිගණකයකින් සිදු කරන ක්‍රියාවක් නොව, මිනිස් හදවත ඉලක්ක කරගත් ව්‍යාපාරයක් බවට පත්වේ.
අවසානයේ…
The Yahoo Boys යනු නයිජීරියාව පිළිබඳ පොතක් පමණක් නොවේ.
එය ඩිජිටල් යුගයේ විශ්වාසය ගෝලීය වෙළඳ භාණ්ඩයක් බවට පත්වූ ලෝකය පිළිබඳ පොතකි.
එය අපට මතක් කර දෙන්නේ ලෝකයේ ශක්තිමත්ම මුරපදය හෝ නවීනතම ප්‍රතිවෛරස් මෘදුකාංගය නොව, විවේකයෙන් සිතන මනසක් බවයි.
අද අන්තර්ජාලයේ විකිණෙන්නේ දත්ත පමණක් නොවේ.
බොහෝ විට විකිණෙන්නේ මිනිස් විශ්වාසය ය.
කාර්ලෝස් බරාගාන් යනු ස්පාඤ්ඤ ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ ප්‍රබන්ධ නොවන කෘති රචකයෙකි. ඔහුගේ මව අන්තර්ජාල ආදර වංචාවකට ගොදුරු වීම ඔහුගේ ජීවිතය වෙනස් කළ අතර, එය ඔහුව නයිජීරියාවේ “Yahoo Boys” ලෙස හැඳින්වෙන අන්තර්ජාල වංචාකරුවන්ගේ සැබෑ ලෝකය තුළට ගෙන ගියේය. ඔහු ලාගෝස් නගරයේ දීර්ඝ කාලයක් ගත කරමින් වංචාකරුවන්, ඔවුන්ගේ පවුල්, වින්දිතයන් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ ජීවත් වී කළ පර්යේෂණය මෙම කෘතියේ පදනමයි.
The Yahoo Boys ප්‍රකාශයට පත් වූ විගසම The New York Times විසින් 2026 වසරේ බලාපොරොත්තු සහගත කෘති අතරට නම් කරන ලදී. එමෙන්ම Publishers Weekly, The Economist, The Wall Street Journal, WIRED සහ BookPage වැනි ප්රමුඛ ප්‍රකාශන එය ගැඹුරු පර්යේෂණයක්, අනුකම්පා සහිත නිරූපණයක් සහ අපරාධ වාර්තාකරණයෙන් ඔබ්බට ගිය විශිෂ්ට සාහිත්‍ය කෘතියක් ලෙස ඇගයීමට ලක් කළේය.






